Tuesday, April 28, 2020

පරිගණක පද්ධතියේ දත්ත නිරුපණය





පරිගණක සංඛ්‍යාංකන දත්ත නිරුපණය කිරීම සදහා මෙය ඉතාමත් වැදගත් වෙනවා, ඉතින් අපි පළමුව සංඛ්‍යාංකන දත්ත නිරුපණය යන්න පැහැදිලි කර ගනිමු. වර්තමානයේ සංඛ්‍යාංකන දත්ත නිරුපණය කිරීම සදහා සංඛ්‍යා යොදා ගන්න බව අපි හැමෝම හොදින්ම දන්නා කරුණක් ඒ වගේම සංඛ්‍යා නිරුපනය සදහා ඊට නියමිත වූ සංකේත (ඉලක්කම් / සංඛ්‍යාංක) යොදා ගන්න  බවත් අපි දන්නවා. මෙය වර්ධනය වීමෙන් තමයි විශේෂ හේතු පදනම් කොට ගෙන සංඛ්‍යාංකන පද්දති ගොඩ නැගෙන්නේ. මේ විදියට ගොඩ නැගුන සංඛ්‍යා පද්දති කිහිපයක් නම් දශමක, ද්විමය, අෂ්ටක, ෂඩ් දශමක ....  ඉතින් මෙම සංඛ්‍යාංක පද්ධති තමයි කොල්ලනේ  අපිට පරිගණක භාෂවේදී  බෙහෙවින්ම වැදගත් වෙන්නේ. තවත් දෙයක් කියන්න ඕන මෙමෙ සංඛ්‍යාංකන පද්ති ගොඩනගල තියෙන්නේ ස්ථානීය අගයන් පදනම් කර ගනිමින් ඉතින් මෙම බාවිතා කරන සංකේතයන්හි වටිනාකම එම ස්ථානීය අගයන් මත රදා පවතින බවත් අපි හොදින්ම මතක තිය ගන්න
ඕනේ.සංඛ්‍යා පද්ධති ගැන ඉගෙන ගැනීමේදී අපි මුලිකවම දැනගන්න ඕන කාරනය වෙන්නේ මේ Number Systems අතර පරිවර්තනයි

1. Decimal Number System (දශමය සංඛ්‍යාංක පද්ධතිය)
මේක නම් හැමෝම දන්නවනේ අපි සාමාන්‍යයෙන් බාවිතා කරන Number System 1 තමයි මේ දශමය සංඛ්‍යාංක පද්ධතිය, තවත් විදියකට කියනවා නම් 10 පාදයේ සංඛ්‍යා පද්දතිය මේ පද්ධතියට සංඛ්‍යා 10ක් ඇතුලත් වෙනවා. ඒවානම් 0 1 2 3 4 5 6 7 8 9
2. Binary Number System (ද්විමය සංඛ්‍යාංක පද්ධතිය)
Binary Number System 1ට අදාල වෙන සංඛ්‍යා 2 වෙන්නේ 0 සහ 1 යන සංඛ්‍යා 2යි. මෙම 0 (Zero) සහ 1(One) කියන එකකට අපි කියනව bit 1ක් කියල මෙම bit සහ byte අතර සම්බන්දය සහ එහි විකාශනය ගැන ඔය ගොල්ලෝ දැනටමත් තරමක් දන්නවනේ, k කාටත් වැඩි වැඩියෙන් පැහැදිලි වෙන්න මන් කෙටියෙන් ඒ විස්තරෙත් පහලින් දාන්නම්
8 bit           = 1 Byte
1024 Byte  = 1 KB  (Kilo Byte)
1024 KB    = 1 MB (Mega Byte)
1024 MB   = 1 GB  (Giga Byte)
1024 GB    = 1 TB  (Tera Byte)
1024 TB     = 1 PB  (Peta Byte)
1024 PB     = 1 EB  (Exa Byte)
1024 EB     = 1 ZB  (Zetta Byte)

 
දැන් අපි බලමු මේකට උදාහරණ ටිකක්,
* 1010
* 11001
* 01000001 = A ( Capital A අකුරට අදාල ද්විමය අගය )
3. Octal Number System (අෂ්ටක සංඛ්‍යාංක පද්ධතිය)
දැන් කට්ටිය නමින්ම දන්නවනේ මේ සංඛ්‍යා පද්ධතියට සංඛ්‍යා 8ක් තියෙනවා කියල, අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය.  0 1 2 3 4 5 6 7 මේවා තමයි ඒ සංඛ්‍යා 8 දැන් අහන්න එපා මොකද අෂ්ටක සංඛ්‍යාංක පද්ධතිය වෙලත් 7න් ඉවර වෙලා තියෙන්නේ 8 එන්නේ නැද්ද කියල කට්ටිය 0 ඉදන් 7ට ගණන් කලොත් ඒක තේරුම් ගන්න පුළුවන්,
4. Hexa Decimal Number System (ෂඩ් දශමය සංඛ්‍යාංක පද්ධතිය)

දහසයේ (16) පාදයේ සංඛ්‍යා පද්ධතියසංඛ්‍යා 16යි ඒවා නම් 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F මේ සංඛ්‍යා පද්ධතියේ අනිත්වට වඩා වෙනසක් තියෙනවා 9න් පස්සේ English Letters එකතු වෙලා තියෙනව. මෙකයි හේතුව අපි 9 වෙනකම් ගණන් කලානේ ඊට පස්සේ අපිට ගනින්න ඉලක්කම් නැ අපි 10 11 කියල ගැන්නොත් ඒක අදාල වෙන්නේ 10පාදයෙ සංඛ්‍යා පද්ධතියට ඉතින් ඒ ගැටලුව මගහරවා ගන්න තමයි අපි මෙතැනදී 9න් පස්සේ English Letters එකතු කරගෙන මේ සංඛ්‍යා පද්ධතිය නිර්මාණය කරන්නේ.

No comments:

Post a Comment